පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මොහොමඩ් නවුෆර්…! ප්‍රහාරයට මිලියන 500ක් දුන්නේ ඊබ්‍රාහිම් සහෝදරයෝ…! – සරත් වීරසේකර…

March 10, 2021 at 1:47 pm | by emanisa.lk

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් හෂීම් මෙහෙයවීම සිදුකර ඇත්තේ කටාර් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් යන අය බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේ ය.

“සහරාන් පළමුව පහර දීමක් සිදු කළේ 2017 වර්ෂයේ අලියාර් ප්‍රදේශයේ දී. ඒ විරුද්ධ ආගමික මතවාදයක් දරන පිරිසකට ප්‍රහාරයක් එල්ල කරමින්.

එම ප්‍රහාරයෙන් පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ තැන දක්වා ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ පිරිස් සහ සංවිධාන සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනය සිදුකළා.

එහිදී සොයා ගත්තා වසර ගණනාවක් කටාර් රාජයේ සිටින මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් යන සමග සම්බන්ධයි කියලා. ISIS නායක අබු බකර් අල් –බැග්ඩාඩි ගේ මතවාදය සමග සහරාන්ව සම්බන්ධ කලේ මේ නවුෆර් කියලා හෙළිවෙලා තියෙනවා. ඒ නවුෆර් කියන පුද්ගලයා මේ වන විට අත්අඩංගුවේ සිටිනවා.”

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමට රුපියල් මිලියන 500ක මුදලක් දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයින් විසින් ලබා දී ඇති බවත් එම මුදල් මගින් ඔවුන් විසින් ප්‍රහාරයට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *