පාස්කු ප්‍රහාරයට පසු ඉන්දියාවට පළා ගිය සරා යළි ලංකාවට ඇවිත්….!

February 16, 2021 at 10:02 am | by emanisa.lk

2019 පාස්කු දින කටුවාපිටිය පල්ලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත සාමාජිකයාගේ බිරිය වන පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් ‘සාරා’ නැමැත්තිය හොර රහසේ ම යළි ලංකාවට පැමිණ ඇති බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

ප්‍රහාරයෙන් පසුව සාරා බෝට්ටුවක නැගී ඉන්දියාවට පළා ගොස් සැඟව සිටින බව මෙයට පෙර අනාවරණය වී තිබිණි.

එහෙත් සාරා පසුව යළිත් ලංකාවට පැමිණ මන්නාරම, පුත්තලම සහ මඩකළපුව යන ප්‍රදේශවල නැවතී සිට ඇති බව දැනගන්නට තිබේ. ඇය නැවතී සිටි ස්ථාන කිහිපයක් ද හඳුනාගෙන ඇත.

නැවත පැමිණීමෙන් පසු සාරා පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඇප මත සිටින අය සහ සාක්ෂි නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇති අය සමඟ ද සම්බන්ධතා පැවැත්වූ බව පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ බුද්ධි අංශ විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි සන්‌ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *