පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන්නේ රිෂාඩ් සහ හිස්බුල්ලා..! ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව දුන්නේ මුජිබර් රහුමාන්..! – විජේදාස රාජපක්ෂ..

March 14, 2021 at 10:20 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ පැවැති ආණ්ඩුවේ සිටි මුස්ලිම් දේශපාලනඥයින් කිහිපදෙනෙකු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.

අද (14) ඇඹුල්දෙනියේ පැවති උත්සවයක දී මන්ත්‍රීවරයා කියා සිටියේ තමා අන්තවාදීන් පිළිබඳ කළ හෙළිදරව්වෙන් පසු ඇමැති ධුරයෙන් ඉවත් කර දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ පියවර ගත්තේ ද එම මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ බලපෑම මත බව ය.

“එදා අපේ රටේ එක ත්‍රස්තවාදියෙක්, වහබ්වාදියෙක් නැහැ කියපු රිෂාඩ්ගෙන්, හිස්බුල්ලාගෙන්, මුජිබර්ගෙන්, රාජිතගෙන් අපි අද අහනවා පාස්කු ඉරිදා මියගිය අයගේ ජීවිතවලට වගකීම භාරගන්නවා ද කියලා.
පාර්ලිමේන්තුවේ එදා හිටියා මුස්ලිම් මන්ත්‍රිවරු 17ක්. එදා ඒ අය අගමැතිට බල කළා. විජේදාස රාජපක්ෂව අධිකරණ ඇමති ධූරයෙන් ඉවත් නොකළොත් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. රනිල්ට වටින්නේ රටට වඩා බහුතරය. මුස්ලිම් ඡන්ද අහිමි වෙයි කියන බයට, මාව ඇමති මණ්ඩලයෙන් ඉවත් කළා.

පොලීසියට බලය තියෙනවා පාස්කු ප්‍රහාරය මෙහෙයවපු දේශපාලනඥයින් සොයාගන්න. ඒක මම කලින් පාර්ලිමේන්තුවේදි කිව්වා. මේක මෙහෙයවූයේ රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා කියලා මම දැනුත් කියනවා. ත්‍රස්තවාදින් ආරක්ෂා කළේ මුජිබර් කියලා මම දැනුත් කියනවා. ත්‍රස්තවාදීන් වෙනුවෙන් පොලීසියට බලපෑම් කළේ අසාද් සාලි කියලා මම දැනුත් කියනවා. එහෙනම් මොකක්ද මේක හොයාගන්න පොලීසියට තියෙන ප්‍රශ්නනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *