පාස්කු ප්‍රහාරයට අයිසිස් සංවිධානය සම්බන්ධයි! ලාංකික අයිසිස් ත්‍රස්තයා ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට!

December 10, 2020 at 8:33 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරයට නායකත්වය දුන් ශ‍්‍රී ලංකාවේ අයිසිස් ප‍්‍රධානියා ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රහාරයට පෙර මොහු ඔස්ට්‍රේලියාවට පැන ගොස් ඇති අතර පාස්කු ප‍්‍රහාරයට අයිසිස් ත‍්‍රස්ත සංවිධානය සම්බන්ධ බවට මෙතෙක් සාක්‍ෂි හෙළි වී නොතිබිණි.

ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසුවේ ඔස්ට්‍රේලියානු සිරගෙයක සිටින මොහු මෙ රටට එවන ලෙස එරට රජයෙන් ඉල්ලන බවයි.

ඔහුගේ අනන්‍යතාව හෙළි වී තිබෙන බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

පාස්කු ප‍්‍රහාරයෙන් පසු අයිසිස් සංවිධානය එම ප‍්‍රහාරයට සම්බන්ධ නැති බවට මුස්ලිම් දේශපාලකයන් පිරිසක් ප‍්‍රචාරයක් දියත් කර තිබුණු අතර පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බෝම්බකාරියන් 6ක් ද අත්අඩංගුවේ සිටින බව එම ආරංචි මාර්ග තව දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස