පාස්කු ප්‍රහාර බිල්ලෙක් මවා රටේ සැබෑ ජාතික ආරක්ෂාව අහිමි කළා…! – සජිත්…

June 30, 2022 at 7:39 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම නැති වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔවුන් ජාතික ආරක්ෂාව යැයි සැලකුවේ මිලිටරි ආරක්ෂාව මිස ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නොවන බවත් ඒ හේතුව නිසා අප රට මේ වන විට නැතිබැරි දුප්පත් රටක් ලෙස ලෝකය තුළ අපේ ආත්ම අභිමානය නැති වී ඇති බවත් හෙතෙම අවධාරණය කරයි. අද (30)

පාස්කු ප්‍රහාරය වැනි බිල්ලන් මවා ජාතික ආරක්ෂාව ලෙස ඔවුන් මිලිටරිකරණය හැඳින්වූ අතර ඒ හේතුව නිසා ජාතික ආරක්ෂාවේ සැබෑ අර්ථය වන අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නැති වී ඇති බවත් මේ හේතුව නිසා විදෙස් රටවලින් ආධාර ඉල්ලා හිඟා කෑමේ තත්ත්වයට රට පත්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මෙකී හිඟා කෑම තුළ අප රටේ සම්පත් දැවැන්ත අවධානමකට ලක්ව ඇති අතර එම අවධානම හමුවේ ද මොවුන් සොරකම, වංචා දුෂණය ආදිය සිදු කරමින් යන බවට ද හෙතෙම චෝදනා කළේය.

එබැවින් මෙවැනි තත්ත්වයක් රටට උදා කළ වත්මන ආණ්ඩුව සමඟ කිසි සේත්ම හවුල් පාලනයක් ගෙන නොවන බවත් එසේ සිදු කළහොත් එය ජනතා අරගලය පාවා දීමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේශපාලන පක්ෂවල නායකයින් මුණගැසී ඔවුන් සමඟ සාකච්ඡා කරන සාකච්ඡා මාලාවේ දෙවැන්න අද විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස