පාස්කු ප්‍රහාරය හමුදා බුද්ධි අංශවල වැඩක්..! එම බුද්ධි නිලධාරීන් වහා අත්අඩංගුවට ගනු…! – රනිල්…

February 26, 2022 at 9:33 am | by emanisa.lk

පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව ශානි අබේසේකර හෙළි කළ කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති කොමිසමේ වාර්තා අනුව කිහිප දෙනකුට එරෙහිව නඩු පැවරීමට යෝජනා කර තිබුණ ද පරීක්ෂණ සම්පූර්ණ කළ පසුව නඩු පවරනු ලැබුවේ හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව පමණක් බව කී රනිල් වික්‍රමසිංහ අනෙක් විත්තිකරුවන් දෙදෙනා සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරනු ලැබූ බවත් කීවේය.

“මුස්ලිම් මන්ත්‍රීවරයකුත් තවත් දෙදෙනකුත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තත් ඔවුන් ද දැන් නිදහස් කර තිබෙනවා. ශානි අබේසේකරගේ දිවුරුම් ප්‍රකාශයේ දී මේ ප්‍රහාරයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් තිබුණ බව පවසනවා. මෙය 2019 වසරේ නොවැම්බර් මාසයට පෙරත් ශානි අබේසේකර සඳහන් කර තිබෙනවා.

කරුණු සියල්ලම සලකා බැලූ විට පෙනෙන්නේ මේ පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බවයි. නිලධාරීන් අත්අඩංගුවට ගන්නෙ ඇයි? මොවුන්ට විරුද්ධව නඩු පවරන්නේ ඇයි? හෙළි කරන අලුත් කාරණා ගැන පරීක්ෂණයක් කරන්නෙ නැද්ද? මේ අලුත් කරුණු ගැන වාර්තා කිරීමට සෑම දෙනාටම පිළිගත හැකි අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍යයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *