පාස්කු ප්‍රහාරය රාජපක්ෂලගේ වැඩක් බව චැනල් 04ට කලින් මම කීවේ…! – මර්වින් සිල්වා…

September 6, 2023 at 2:58 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ රාජපක්ෂලා දැනසිටි බව මුලින් ම ලෝකයට ප්‍රකාශ කළේ තමන් බව ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැන් එය චැනල් 04 වැනි ජාත්‍යන්තර නාළිකා බව හෙළිදරව් කරන බවයි.

පාස්කු ප්‍රහාරය පළමු විත්තිකරුවන් ලෙස රාජපක්ෂලා සහ මෛත්‍රීපාල සිරිසේන අල්ලා ගත යුතු බවයි, ආචාර්ය සිල්වා අවධාරණය කළේ.

අවලංගු කාසි බවට පත්ව ඇති රාජපක්ෂලා දැන් දේශපාලනයෙන් සමුගත යුතු අතර අනෙක් සියලු පාර්ශ්ව එකතු විය යුතු බවත් ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *