පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අද රටට ප්‍රකාශ කරන බවට ජනාධිපති අනුර දිසානායක පොරොන්දු වී ඇතැයි සර්වජන බලය නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
කෙතරම් බොරු කීව ද දේශපාලන වාසි උදෙසා පාස්කු ප්‍රහාර ඛේදවාචකය තෝතැන්නක් කරගෙන බොරු කීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.
පාස්කු ප්‍රහාරය දේශපාලන අරමුණක් පෙරදැරිව සිදුකළ බවට ජනාධිපතිවරයා සඳහන් කළ ද සත්‍ය දැන දැන හදවතට එකඟ නොමැතිව මෙම ප්‍රකාශ සිදුකරන බව ද දිලිත් ජයවීර චෝදනා කරයි.
එම ප්‍රහාරයට ගොදුරු වූ කතෝලික ක්‍රිස්තියානි භක්තිකයන්ට මීට වඩා සාධාරණයක් ඉටු විය යුතු වුවත් එය පහත් දේශපාලන අභිලාෂ වෙනුවෙන් භාවිත කරමින් එම ජනතාව අවඥාවට ලක් කිරීම හෙළා දකින බව ද ඔහු අවධාරණය කරයි.
සර්වජන බලය මූලස්ථානයේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.