2019 අප්‍රේල් පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ පල්ලි සහ සුපිරි හොටෙල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය ISIS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බව ඇමරිකානු FBI සේවා එරට අධිකරණයට දැනුම් දී තිබේ.
දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් FBI විශේෂ නියෝජිත මැරිලි ආර්. ගුඩ්වින් (Merrilee R. Goodwin) පවසන්නේ ප්‍රහාරයෙන් මරාගෙන මැරුණු පිරිස එවක ISIS නායක අලි බග්දාදී නමින් දිවුරා ඇති බවත් ප්‍රහාරයෙන් මිය ගිය මොහොමඩ් සහරාන් සිරියාවේ ISIS කණ්ඩායම සමග ඍජු සබඳතා පවත්වා ඇති බවත් ය.
නවසීලන්තයේ ඉස්ලාම් භක්තිකයින්ට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙරට කතෝලික පල්ලිවලට ද ISIS සංවිධානයට එරෙහි සටනට සහාය ලබා දෙන බටහිර රටවලින් පළිගැනීමට එම රටවල පුරවැසියන් ඉලක්ක කර හොටෙල්වලට ද පහර දුන් බව එම දිවුරුම් ප්‍රකාශයෙන් අනාවරණය කරයි.
මෙයට කලකට පෙර කැලිෆෝනියා අධිකරණයට ඉදිරිපත් කළ එම දිවුරුම් ප්‍රකාශය මේ වන විට අන්තර්ජාලයේ හුවමරු වෙයි.