පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ජවිපෙ ඊබ්‍රාහිම් නොදන්න විදිහක් නෑ…! – සරත් වීරසේකර…

April 21, 2024 at 4:30 pm | by emanisa.lk

ඕස්ට්‍රේලියාවේ FBI, ඇමරිකාවේ CIA ඇතුළු ජාත්‍යන්තර බුද්ධි අංශ තුනක් පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බව තහවුරු කර ඇතැයි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, රියද් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

එවක පැවැති යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කිසිවක් සිදුනොකළ බව ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම එවක ආණ්ඩුවේ මැති ඇමැති ධූර දැරූ අද විපක්ෂයේ සිටින සියලු දෙනා ද භාරගත යුතු බවයි, ඔහු සඳහන් කළේ.

ප්‍රහාරයේ මහ මොළකරු කවුදැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් ඊබ්‍රාහිම්ගෙන් විමසිය යුතු බවත් ඔහුගේ පුතුන් දෙදෙනෙක් ම එහි දී මරාගෙන මැරුණු බවත් සරත් වීරසේකර අවධාරණය කරයි.

සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගෙන ඒම සඳහා මුස්ලිම් අන්තවාදීන් ජීවිත පූජා කරනු ඇතැයි සිතීම විහිළුවක් බව ද හිටපු අමාත්‍යවරයා පවසයි.

සිරිල් ගාමිණී පියතුමා ඊයේ (20) සිදුකළ ප්‍රකාශකයට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *