පාස්කු ප්‍රහාරය සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරිවරුන්ට ද නඩු පවරා ඇතැයි හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
එම නිලධාරීන් සිය වගකීම අකුරට ම ඉටු කළ බව එවක අගමැතිවරයා ලෙස තමන්ට සහතික විය හැකි බව හිටපු අගමැතිවරයා අවධාරණය කරයි.
පාස්කු දිනය වෙනුවෙන් ඔවුන් උත්සව සංවිධානය කළේ ආණ්ඩුවේ නියමය පරිදි බව ද රනිල් වික්‍රමසිංහ අනාවරණය කරයි.
එහෙයින් එම නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කළේ යැයි තමන්ට පැවසිය නොහැකි බව ඔහු ප්‍රකාශ කරයි.
අද (04) පාර්ලිමේන්තුව අමතමින් හිටපු අගමැතිවරයා මේ බව සඳහන් කළේ ය.