පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් අන්තවාදීන් නිදහස් කර ගැනීම සඳහා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිල නොවන රහස් පරීක්‍ෂකවරියක් පත්කර ඇත.
ඇයට පැවරී ඇති රාජකාරිය නම් ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තවාදීන් කවුදැයි සොයා බලා ඔවුන් නිදහස්කර ගැනීමට පරීක්‍ෂණ වාර්තා සකස් කිරීමයි.
මෙලෙස පත්කර ඇති නිල නොවන රහස් පරීක්‍ෂකවරිය රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිනියක් වේ.
ඇය සිය මුල්ම පරීක්‍ෂණ වාර්තාව ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය වෙත යොමුකර ඇත්තේ අත්අඩංගුවට පත් හිටපු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ ඥාතියකු ගැනය. ඇය තම වාර්තාවෙන් එම ඥාතියා නිවැරදිකරුවකු ලෙස දක්වා ඇත.