මේ වන විට රට පුරා සැලොන් සහ බාර් විවෘතව ඇති බවත් වසා ඇත්තේ උපකාරක පන්ති පමණක් බවත් සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසයි.
කඩ සාප්පු විවෘත කර බස් ධාවනය කරන පසුබිමක උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට ආණ්ඩුව දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බවත් ඔවුහු පෙන්වා දෙති.
රට පුරා උපකාරක පන්ති ගුරුවරුන් ලක්ෂ 02ක් පමණ සිටින බවත් ඒ ආශ්‍රිතව තවත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පවතින බවත් පෙන්වා දෙන ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැඩි දුරටත් පවසන්නේ පාසල් පද්ධතිය විධිමත් ලෙස ආරම්භ කිරීමට නම් උපකාරක පන්ති සඳහා අවසර දිය යුතු බව ය.