පාර්ලිමේන්තු කොවිඩ් පොකුර හැදුවේ කතානායක….! පාර්ලිමේන්තුව කල් දැම්මා නම් මෙහෙම වෙන්නේ නෑ….!

May 30, 2021 at 6:06 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ කොවිඩ් පොකුර හැදුවේ කතානායකවරයා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කරයි.

කතානායක කාර්යාලය ඇතුළු පාර්ලිමේන්තුවේ කාර්යාල කිහිපයකින් කොවිඩ් රෝගීන් පිරිසක් හමුවුණු අවස්ථාවේ දී පාර්ලිමේන්තුව කල් දමන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් කිහිප වරක්ම ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීමට ඇහුම්කන් නොදුන් බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ප්‍රකාශ කළේය.

ඔවුනට අවශ්‍ය වූයේ මරණ මතින් හෝ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට යයි ද ඔහු පැවසුවේය.

මන්ත්‍රීවරුන් දවසින් දවස ආසාදිතයන් බවට පත්වෙමින් සිටින බව ද ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *