පාර්ලිමේන්තු කෑම හොරු අල්ලන්න නව සැලසුම්..! හදිසි වැටලීම් සහ අහඹු පරික්ෂණ සූදානම්…!

January 7, 2022 at 5:08 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ගමන්මලු හිටිහැටියේ (අහඹු) පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අනුව සේවකයන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටතට යන අවස්ථාවන්හිදී වැඩි වශයෙන් පරීක්ෂාව භාටජන කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුවේ ආහාර ද්‍රව්‍ය ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පිට කිරීමේ වැඩපිළිවළක් ක්‍රියාත්මක වන බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම පරීක්ෂා කිරීම් ආරම්භ කළ බව සඳහන් වෙයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට ගෙන එන ආහාරවලින් රුපියල් කෝටි දෙකකට ආසන්න ආහාර ප්‍රමාණයක් නාස්තිය සහ දූෂණය නිසා අහිමි වන බව විගණන විමර්ශනවල දී පසුගියදා හෙළි විය.

නාස්තිය සහ දූෂණය වැළැක්වුවහොත් පාර්ලිමේන්තු ආහාරපාන සැපයුම මීට වඩා විධිමත් මට්ටමට ගෙන ආ හැකි බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *