පාර්ලිමේන්තු කැන්ටිමත් හොර ගුහාවක්..! මස් මාළු බිත්තර තොග සේවක ගෙවල්වල…!

October 1, 2022 at 11:55 am | by emanisa.lk

පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මස් මාළු බිත්තර කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය බැහැරට රැගෙන යාම නිසා නිසා රජයට වාර්ෂිකව අතිවිශාල පාඩුවක් සිදුවන බව හෙළි වී ඇත.

මස් මාළු කරවල බිත්තර වැනි ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යෑම සමග සමහර සේවකයන් එම ද්‍රව්‍ය හොර රහසේ සිය නිවෙස්වලට දිනපතාම පාහේ රැගෙන යන බව අනාවරණය විය.

පිසූ ආහාරවලට අමතරව වියළි ආහාර ද්‍රව්‍යය ද සිය ගමන් මලුවල සඟවාගෙන රැගෙන යන බවත් ගමන්මලු නිසියාකාරව පරික්ෂා කෙරෙන්නේ නම් මෙවැනි අක්‍රමිකතා වළක්වා ගත හැකි බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු ප්‍රධානීන් මෙවැනි අක්‍රමිකතා වැලැක්වීමට නිරන්තරව උපදෙස් ලබාදෙමින් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණද ආහාර පිට කිරීම සූක්ෂ්ම ආකාරයට දිගින් දිගටම සිදුවන බව ඇතැම් නිලධාරීහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *