පාර්ලිමේන්තුව අධි ආරක්ෂිත කිරීමෙන් මූලික අයිතිවාසිකම් කැඩුණා…! අධි ආරක්ෂාව වහාම බල රහිත කරන්න..! – ෆීල්ඩ් මාර්ෂල් ශ්‍රේෂ්ඨාධිණයට…

October 1, 2022 at 8:50 am | by emanisa.lk

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා නිකුත්කර ඇති ගැසට් නිවේදනයක් බල රහිත කරන්නැයි ඉල්ලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නීතිඥ සුදත් වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, ආරක්ෂක ලේකම්, පොලිස්පති, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නම් කර ඇත.

රාජ්‍ය රහස් පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් අදාළ පනත යටතේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව කියා සිටී.

ජනාධිපතිවරයා තමන්ට පැවරී ඇති බලතල අභිබවා ගොස් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බැවින් ඒ මගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු එය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එමගින් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *