පාර්ලිමේන්තුවේ විනය රකින්න කතානායකට බැරිවෙලා..! – පාඨලී…

October 21, 2023 at 3:37 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීමට කතානායකවරයා කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ ගුටිබැට හුවමාරු කර ගැනීම, කුණු හරුප කීම ඔවුන් සමාජයේ ගෙවන ජීවිතයේ ම කොටසක් බවයි.

අනුර බණ්ඩාරනායක කතානායක ධූරයේ කටයුතු කරන සමයේ ඇතැම් නොහොබිනා ප්‍රකාශ කළ බලගතු චරිත පවා පාර්ලිමේන්තුවෙන් නෙරපා හරිමින් එහි විනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම පන්නා දැමිය යුතු බවට තරුණයින් නඟන චෝදනාව එහි සිටින සුළුතරයක් දිනෙන් දින තහවුුරු කරමින් සිටින බවට ද පාඨලී චම්පික රණවක චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *