පාර්ලිමේන්තුවට හෙණ 10ක් ඉල්ලද්දි තමන්ටත් එකක් ඉල්ලීමේ වරදක් නෑ! – අනුර

July 12, 2020 at 9:56 am | by emanisa.lk

රටේ සිටින ප්‍රධානතම අපරාධකරුවන් සැඟවෙන ස්ථානය බවට මේ වන විට පාර්ලිමේන්තුව පත්ව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

එහෙයින් සහරාන්ගේ බෝම්බයේ සිට කොරෝනා වසංගතය දක්වා රටට සිදුවන ඕනෑම විපතක් පාර්ලිමේන්තුවට යොමු විය යුතු යැයි සිතන තැනට පාර්ලිමේන්තුවට හෙණ ඉල්ලන තැනට ජනතාව පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද පාර්ලිමේන්තුවේ සිටින කිසිදු මන්ත්‍රීවරයකු එහි ගේට්ටුව කඩා ගෙන ඇතුළට නොගිය බවත් ඔවුන් පත් කළේ ජනතාව බවත් පෙන්වා දෙන අනුර දිසානායක වැඩි දුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවට හෙණ දහයක් ඉල්ලන විට ජනතාව ද එකක් ඉල්ලීමේ වරදක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස