පාරට බැහැලා කෑ ගැහුවට බය නෑ…! මහ ඡන්දේ තියන්නේ 2025…! – ජනපති…

October 19, 2022 at 4:05 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් පසුව විසුරුවා හරින්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එම රැස්වීමේ දී කළ විමසුමකදී අදහස් දක්වමිනි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (17) පැවැත්විණි.

මේ අතර අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කර ඇත්තේ විසි දෙවැනි සංශෝධනයට පොදුජන පෙරමුණේ බහුතරයක් විරුද්ධ බවය.

එබැවින් විසිදෙවැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහාය නොලැබෙන බව ද ඔහු සඳහන් කර ඇත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *