පානදුර ඇම්බියුලන්ස් ප්‍රහාරයේ සුලමුල එළියට…! රියදුරා බරපතළ රෝගීන් සමග කුඩුත් ඇදල..! එක ගමනකට ලක්ෂ 10-15 බැගින් ගෙවල…!

February 6, 2022 at 9:32 am | by emanisa.lk

පානදුර කේතුමති රෝහල අසල දී ඉකුත් 27 වැනිදා පාතාල සාමාජිකයන්ගේ වෙඩි ප්‍රහාරයකින් බේරුණු ගිලන් රථ රියැදුරා කලෙක සිට ම මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරතව ඇතැයි අනාවරණය වී තිබේ.

අදාළ සිද්ධිය පිළිබඳ සිදුකළ විමර්ශනවල දී මෙම කරුණු හෙළිදරව් වූ බව කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල පවසයි.

සැකකරු 41 හැවිරිදි දිමුතු දර්ශන කුමාර නමැත්තෙකි.

පානදුර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත රඳවා ගෙන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවත් ඔහු 2020 වසරේ සිට ම කොවිඩ් වසංගතය උත්සන්නව පැවැති සමයේත් අවස්ථා දහයක දී පමණ ගිලන් රථයේ රෝගීන් සමඟ ම හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවත් අනාවරණය වී ඇත.

සැකකරු මත්කුඩු කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් එලෙස මාතර, ගාල්ල වැනි පෙදෙස්හි සිට කළුබෝවිල, අයිඩීඑච් සහ ජාතික රෝහල දක්වා ද ප්‍රවාහනය කර ඇති අතර සැකකරුට ඒ සඳහා එක්වරකට රුපියල් ලක්ෂ 5,15 වැනි විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔහුගේ පාපෝච්චාරණ අනුව හෙළි වන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *