රත්මලාන ඥානේන්ද්‍ර පාරේ විජයාරාම විහාරය අසල වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ ලංකා මානව හිමිකම් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විමර්ශන නිලධාරියෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
මොහු සමග හමුදා සෙබළෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මීගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මානව හිමිකම් නිලධාරියා පාතාලයේ ආයුධ තමන් සතුව තබා ගෙන ඇති අතර අපරාධකාරයින් නීතියෙන් බේරා ගැනීමට කැප වී වැඩ කර ඇති බව ද අනාවරණය වී තිබේ.