පාඨලී ඒකීය රාජ්‍ය අත හරී…!

April 2, 2023 at 9:23 am | by emanisa.lk

ලබන මාසයේ දී නව දේශපාලන පක්ෂයක් පිහිටු වීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

“ලබන මැයි මාසයේ නව ‌දේශපාලන පක්ෂයක් රටේ පිහිටුවනවා. මොකද මේ රට මේ බංකොලොත්භාවයෙන් මුදාගන්න. කුසලතාව මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි.

පවුල් උරුමයෙන් දේශපාලනය කරන දේශපාලනයට තිත තියන්නට ඕනේ. ඒ වගේම පාදඩ සල්ලවලින් ලංකාවේ මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කරන්න ඕනේ.

ඒ වගේම යල්පැනගිය සමාජවාදී, ධනවාදය වෙනුවට. නව ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙනියන්න දේශපාලන මතවාදයක් ඕනේ. ඒක අපි මැයි මාසයේදී එළිදක්වනවා. එකේ නම එක්සත් ජනරජ පෙරමුණ.”

බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණ ලෙස එම පක්ෂය නම් කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *