පාඨලි හිර වෙනතුරු දියවන්නා යන්න ඇඟිලි ගණින හිරුණිකා!

December 6, 2020 at 9:45 am | by emanisa.lk

හිටපු ඇමැති පාඨලී චම්පක රණවක නුදුරේදී ම ඔහුට එරෙහිව පනවා ඇති නඩුවකින් වැරදිකරු වී මන්ත්‍රී ධුරය ද අහිමි වී සිරගත වනු ඇතැයි විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා කෙරී තිබේ.

එසේ වුවහොත් තමන්ට නියත වශයෙන් නැවත පාර්ලිමේන්තු යාමේ වාසනාව උදාවනු ඇතැයි හිටපු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත් බලාපොරොත්තු සහගතව සිටින බව ද දැනගන්නට ඇත.

ඒ සමගි ජන බලවේගයේ කොළඹ පරාජිත මනාප ලැයිස්තුවේ ඉහළින් ම සිටින ඒ.එච්.එම්. ෆවුසි මේ වන විට පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි තරම් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන හෙයිනි. එම ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ හිරුණිකා ය.

මේ අතර සමගි ජනබලවේගයේ බලය ඇල්ලීමට පාඨලී චම්පක හීන් නූලේ දියත් කර ඇති සැලසුම් පිළිබඳ දන්නා එහි බහුතරය ද පාඨලීගෙන් නිදහස් වීමේ සතුට භූක්ති විඳීමට සූදානමින් ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස