ප්‍රමිතියක් නැති ආණ්ඩුවකින් ප්‍රමිතිගත දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ…! – සජිත්..

December 14, 2021 at 9:35 pm | by emanisa.lk

රට පුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලු දෙනා වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ප්‍රමිතියක් නැති ආණ්ඩුවක් තියෙන රටකින් ප්‍රමිතිගත දෙයක් බලාපොරොත්තු වෙන්නට බැරි බවත් කළ යුත්තේ ප්‍රමිතියක් නැති පාලනය ඉවත් කිරීම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

බාල ප්‍රමිතියෙන් යුතු පොහොර ගෙන්වීමෙන්  අද වන විට රට මහා විනාශයකට තල්ලු කර ඇති අතර රටේ ආර්ථිකයත් ගොවි ජනතාවගේ ජීවිතත් ආණ්ඩුව විසින් අනතුරකට හෙලා ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *