පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවත්, එයට ජනතාව විරෝධය පළකළ යුතු බවත් මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.
ඊයේ (01) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී උන්වහන්සේ ප්‍රකාශ කළේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති පළාත් පාලන ආයතනවලට එරෙහිව නඩු පැවරිය යුතු බවයි.
“ප්‍රාදේශීය සභා මොකටද අපට. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් හම්බවෙනවාද අපට. මුදල් හමුබවෙන්නේ නැහැ. ඒ හින්දා සමස්ත රටේ ම ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බත් කවුරු ආවත්, කොයි පක්ෂයෙන් ආවත් කටුගාන්න සූදානම් වෙන්න.
තවත් අවුරුදු 5කට දෙනවා කියන්නේ මකොල්ලකාරයෝනේ මේ. සමස්ත රටේම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව දක්වා සම්පූර්ණ ලයිසන් ගත්තු මංකොල්ලකාරයෝ. ඒ හින්දා අපට ඒවා වැඩක් නැහැ. තියෙනවා නම් මහ මැතිවරණයක් තියන්න.
ඊයේ පෙරේදා අලි සබ්රි මහත්තයා ගිහිල්ලා ආවනේ අමෙරිකාවේ. ඒ වෙලාවෙත් කිව්වානේ ඔයාලගේ ජනමතය හරි තැනක නැහැ ස්ථාවරයක් නැහැ රට තුළ, සම්පූර්ණ ජනමතයක් තියෙන තැනකට ගෙන එන්න අපි එතකොට මුදල් දෙන්නම් කියලා. නැත්නම් මේ කපේට ප්‍රාදේශීය සභා තිබ්බාට සල්ලි හම්බවෙන්නේ නැහැ. අනිත් එක දේශපාලන පක්ෂනේ මේ ප්‍රාදේශීය සභාවක් ඉල්ලන්නේ. මොකටද ප්‍රාදේශීය සභා.
ජනාධිපතිවරණයකුයි, මහ මැතිවරණයකුයි ප්‍රමාණවත් මේ රටට. තවත් අවුරුදු 5කට මේ ප්‍රාදේශීය සභාව තවත් හොරු රැළකට දෙන්නේ මොකටද. ආසන්නම සිද්ධිය තමයි බෙලිඅත්තේ සභාපති ගමට බෙදන්න බට ගෙනාවා. ඒ බට ටික හොරකම්කරලා දැන් මිනිහා හිරේ ගියා. එතකොට තව හොරු කණ්ඩායමකට දෙන්ඩද කියන්නේ. පළාත් පාලන ආයතනවලට විරුද්ධව නඩු දානවා අපි මේ කරලා තියෙන විනාශයට.
විවිධ පාටවලින් විවිධ පක්ෂවලින් එයි. ඉතින් ජනතාව කැමති නැහැ. ඇත්තටම අපි කැමති නැහැ කාටවත්. තමුන්නාන්සේලා ගැන විශ්වාසයක් තියෙලනේ එහෙම ඡන්දය දීලා ජයවේවා කියලා රජ කෙරෙව්වේ. රජ කෙරුව නමුත් ඔබතුමාලා රජ වුණා අපි බලු වුණානේ. අපිට කවුරුවත් නැති වුණානේ. අපි අන්ත අසරණ දුප්පත් තත්ත්වයට පත් වුණානේ. ඉතින් මේක අද ජනවාරි පළවෙනිදාම කියන්න වුණ එක ගැන මම කනගාටුවෙනවා.”