ප්‍රසන්නගේ නිවස ගිනිබත් කළ මහාචාර්ය නාහිමියෝ පොලිසියට වඩිති…!

June 27, 2022 at 12:45 pm | by emanisa.lk

අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධම්මජින්න නාහිමි පොලිසියට බාර වූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

ගම්පහ, උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවසට පසුගිය මැයි මස 9 වැනි දින පහර දී ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

පොලීසියට බාර වූ කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂා අංශයේ මහාචාර්ය ධම්මජින්න නාහිමිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *