ප්‍රධාන රාජ්‍ය බැංකුවේ ලංවීම සියලු චෙක් රිටර්න්…! පඩි ගෙවන්නත් සල්ලි නෑ…!

March 27, 2022 at 6:22 am | by emanisa.lk

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම චෙක්පත් ආපසු හරවා යැවිමට කටයුතු යොදා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ ගිණුම්වලටල ප්‍රමාණවත් මුදල් නැති වීම හේතුවෙන් එම තීරණයට එළැඹ ඇති බවයි.

එනිසා එම බැංකුව විසින් තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලය වෙත බැංකු අයිරා නිකුත් කිරීම නවතා දමා ඇතැයි හෙතෙම පැවැසීය.

මේ වන විටත් විදුලිබල මණ්ඩලයේ මුදල් කළමනාකරුවා විසින් තවදුරටත් එම බැංකුවට චෙක්පත් යැවීම සිදු නොකරන ලෙස මණ්ඩලයට දන්වා ඇතැයිද හෙතෙම පැවසීය. චෙක්පත් ආපසු හරවා ඒම තුළ ලංවීම හෑල්ලුවට පත් වන බව ද ඔහු පවසා තිබේ.

දැනටමත් එම රාජ්‍ය බැංකුව විසින් ලබාදිය හැකි උපරිම ණය මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 12 ඉක්මවා රුපියල් බිලියන 28 ක ණය මුදලක් ලංවිමට ලබාදී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

පවතින දැවැන්ත අර්බුදය හමුවේ මණ්ඩලයේ සේවක වැටුප් ගෙවීම ඉතා ම අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් උත්සව මාසය වන විට එම වැටුප් ගෙවා ගත නොහැකි තතිත්වයකට අර්බුදය උග‍්‍ර වන බවත් හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *