ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජවිපෙ කිසිවකු සම්බන්ධ නෑ…! අවලාද නඟන ලයිසන් චන්ඩින්ට ජවිපෙ බයත් නෑ…! – අනුර…

May 19, 2022 at 9:17 am | by emanisa.lk

රටම ගිනි තැබූ 9 දා සිද්ධියට ජවිපෙ සම්බන්ධයයි කියන ‘ලයිසන් චණ්ඩින්ට’ කිසිසේත්ම බිය නොමැති බවත් ජවිපෙ එක් සාමාජිකයෙකු හෝ සම්බන්ධදැයි සෙවීමට පරීක්ෂණයක් දියත් කරන ලෙසත් ජවිපෙ නායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

එවන් පරීක්ෂණයකට තම පක්ෂය සූදානම් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

“අපට එක එක අඬබෙරවලට යටත්වීමේ වුවමනාවක් නෑ. එකිනෙකාගේ අවලාදවලට, මඩ ගැහිලිවලට, එකිනෙකාගේ ඇති කුමන්ත්‍රණවලට බියවන මිනිස්සු නෙමේ.

1988 මගෙත් ගෙදර ගිනි තිබ්බා. ඒ වේදනාව, ඒ කෝපය අපට තේරුම් ගන්න පුළුවන්. අපේ සහෝදරයෝ නැති වෙලා තිබෙනවා. ඒ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් හැම විට ම පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් වූ හින්දා.

එකිනෙකා තමන්ට ඕන පරිදි ලැයිස්තු හදාගෙන යනවා. ස්වාධීන පරීක්ෂණයක් කරන්න. අපි කැමතියි ඕන පරීක්ෂණයකට මුහුණ දෙන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *