ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සජබ අයට දඬුවම් දෙනවා…! – සජිත්….

May 18, 2022 at 3:36 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (18) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට වන්දි දෙන්නට පෙර ගෑස් ටැංකි පිපිරීමෙන් සහ වගා හානියට පත්වූ පත් වූ ගොවීන් සඳහා වන්දි ලබා දෙන්නේ නැද්දැයි විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කළේය.

පසුගියදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *