ප්‍රචණ්ඩ අරගලයට අපි තරයේ විරුද්ධයි…! – ඕමල්පේ හිමි….

August 7, 2022 at 11:31 am | by emanisa.lk

නීති විරෝධී දාමරික ක්‍රියාවන් සහිත අරගල කිසිසේත්ම අනුමත නොකරන බව ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැති සර්ව පාක්ෂික පාලනයක් සම්බන්ධ සාකච්ඡාවාවේ දී උන්වහන්සේ මේ බව පැවසූහ.

තරුණයින් අරගල කළේ වෙන කිරීමට කිසිවක් ඉතිරිව නොමැති වූ නිසා බවත් මෙතෙක් රට පාලනය කළ නායකයින් තරුණයින්ගේ හඬට සවන් නොදුන් බව ද පැවසූහ.

අරගලයේ අයහපත අමතක කර යහපත සමග රට ගොඩනැඟීමට සියලු පාර්ශ්ව එකතු විය යුතු බවයි, එහිමියන් අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *