පළාාත් සංචරණ සීමා වැඩක් නෑ…! රට පුරාම ඩෙල්ටා පැතිරී අවසන්…!

September 11, 2021 at 6:33 am | by emanisa.lk

පළාත් අතර තව ,දුරටත් සංසරණ සීමා පවත්වාගෙන යාම තේරුමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

රට පුරාම පැතිරී යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බවත් එනිසා බස්නාහිර පමණක් වසා දැමීමේ තේරුමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

දිවයින පුරා කොරෝනා ආසාදිතයන්ගේ සාම්පලය වල සිදුකරන ලද පරීක්ෂණවලදී 95% ක් ඉක්ම වූ ප්‍රමාණයක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත වූවන් ලෙස හඳුනාගනු ලැබූ බවද පැවසූ ඔහු මේ වන විට මෙරට ප්‍රමුඛතම ප්‍රභේදය වන්නේද ඩෙල්ටා ප්‍රභේදය යයිද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *