ශ්‍රී ලංකාව වහා ම පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභා සක්‍රීය කළ යුතු බව ඉන්දියාව පවසයි.
එසේ ම පළාත් සභා සඳහා ඉඩම් සහ පොලිස් බලතල ලබා දෙමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතු බව ද ඔවුන් පවසයි.
ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ඉන්දියානු නියෝජිතයා මේ බව ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් සමුළු යෝජනාවට එරෙහි නොවූ ඉන්දියාව ඡන්දය භාවිතයෙන් වැළකී සිටියේ ය.