පළාත් සභා ඡන්ද තියන්න බැරිනම් පරණ පළාත් සභා බලාත්මක කරන්න! – ශ්‍රිලනිපයෙන් යෝජනාවක්..

December 31, 2020 at 10:43 am | by emanisa.lk

පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පැවති පළාත් සභා යළි සක්‍රීය කරන්නැයි ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මින් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා පවසා තිබුනේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න ශ්‍රී ලංකාවට තනිව ම තීරණය කර නොහැකි බවත් පළාත් සභා සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු බවත්ය.

2015ට පෙර මැතිවරණ පැවැත් වූ දැනට අක්‍රීය වී ඇති මෙම පළාත් සභාවල ශ්‍රිලනිප නියෝජිතයන් විශාල පිරිසක් මැති ඇමැති ධුර හොබවන බව දැනගන්නට තිබේ. එම පළාත් සභා නැවත සක්‍රීය කළහොත් ශ්‍රිලනිපයට එහි තීරණාත්මක බලයක් හිමිවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස