පළාත් සංචරණ සීමා 31 වෙනිදා අවසන්…! – හමුදාපති…

October 22, 2021 at 12:32 pm | by emanisa.lk

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා මෙම මස 31 වෙනිදා අලුයම 4.00 සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය විසින් කටයුතු කර තිබිණි.

ඔක්තෝබර් 21 පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට යෝජනා කළ ද පසුව එය කල් දැමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *