පහුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති වුණේ මමයි….!

March 25, 2021 at 11:09 pm | by emanisa.lk

දිනේෂ් ගුණවර්ධනගේ සූත්‍රයට අනුව පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති විය යුත්තේ තමන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂට ඡන්ද ලක්ෂ 69ක් ද, තමන්ට ඡන්ද ලක්ෂ 55 ක් ද ලැබුණ බවත් භාවිත නොකළ ඡන්ද ලක්ෂ 27 ද ගත් විට ජනාධිපති විය යුත්තේ තමන් බවත් ඔහු පැවසීය.

ජිනීවා ඡන්ද විමසීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගණනය කර ඇත්තේ ඒ ආකාරයට යයි ඔහු සඳහන් කළේ ය.

අද (25) පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයේ දී අදහස් පළ කරමින් ඔහු මේ බව කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *