පවිත්‍රා වගේ ශවේන්ද්‍ර එළවන්නේ නෑ..! කෙහෙළිය සෞඛ්‍ය ඇමැති කිරීම විහිළුවක්….! – නලින්ද ජයතිස්ස…

August 17, 2021 at 9:28 am | by emanisa.lk

ජනාධිපතිවරයා හදිසියේ කැබිනට් සංශෝධනයක් සිදුකළේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි එම ධූරයෙන් ඉවත් කිරීමට බව ජවපෙ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස පවසයි.

ඇමැතිවරිය එම ධූරයෙන් ඉවත් කළ ද රටේ කොවිඩ් මරණ 6000 ඉක්ම වුව ද කොවිඩ් මර්දනය පිළිබඳ තීන්දු තීරණ ගත් කොවිඩ් මර්දන බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එහි කිසිදු බාධාවකින් තොරව වැඩ කරන බව ද ඔහු සඳහන් කරයි.

ආණ්ඩුව කොවිඩ් රැල්ලෙන් රැල්ලට අනිල් ජාසිංහ, පබා පළිහවඩන, සුදත් සමරවීර, ජයරුවන් බණ්ඩාර, අමල් හර්ෂ ද සිල්වා කොවිඩ් මර්දන කටයුතුවලින් ඉවත් කර රටට ලබා දුන් පණිවිඩය ඔවුන් සිය වගකීම ඉටු නොකළ බව යැයි ද නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

කොවිඩ් පාලනය දෙවියන්ට භාරදෙන බව සඳහන් කළ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැති ධූරයට පත්කිරීම විහිළුක් යැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *