පලාලි කඳවුර මැදින් පාරවල් විවෘත කිරීම අනුමත කරන්න බෑ…! – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා….

May 19, 2025 at 3:48 pm | by emanisa.lk

මේ වන විට උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළෙහි අඩුපාඩු ගණනාවක් ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

විශේෂිත වූ ස්ථානවල කඳවුරු වැසීම, යාපනය පලාලි අධි ආරක්ෂිත කඳවුර හරහා පාරවල් විවෘත කිරීම නිල ඇඳුම හැඳ සිටි අයකු ලෙස අනුමත කළ නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

හමුදාව කඳවුරුවලට සීමා කිරීම අනතුරුදායක බවත් කැනඩාව වැනි රටවල සිටින ඩයස්පෝරාවට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් දහ දෙනෙකු යාපනයේ බිහි කිරීමට හැකියාවක් නැතැයි සිතිය යුතු නැති බවත් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

සහරාන්ලා මෙන් එම ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් දියත් කළහොත් නැවත සිය ගණනක් කඳවුරු ඇති කිරීමට සිදුවිය හැකි බවත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලාගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

දෙරණ රූපවාහිනියේ BIG FOCUS වැඩසටහනට එකතු වෙමින් සරත් ෆොන්සේකා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *