පල්ලියේ බෝම්බ තැබූ වෛද්‍යවරයා කළ අපරාධ රැසක් එළියට..! බෙල්ලන්විල පන්සලේ බෝම්බයත් ඔහුගේ වැඩක්…!

January 28, 2022 at 6:52 pm | by emanisa.lk

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ පුපුරායන ආකාරයට අත්බෝම්බයක් අටවා තැබූ පුද්ගලයා විසින් තවත් බෝම්බ දෙකක් අටවා තිබූ බවට අනාවරණය වී තිබේ.

අද (29) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා මේ බව පැවසීය.

“මහත් පරිශ්‍රමයක් දරා එම පුද්ගලයාගේ අනන්‍යතාව දැනගැනීමෙන් අනතුරුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. ඔහුගේ ප්‍රකාශ අනුව ඔහු පොලීසියට දන්වා සිටිනවා ඔහුව මෙහෙයවන ලද පුද්ගලයෙකු පිළිබඳ. ඒ අනුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කරලා පිළියන්දල ප්‍රදේශයේ සිටි වෛද්‍යවරයෙක් සැකකටයුතු අයෙක් ලෙසට අත්අඩංගුවට ගන්නවා.

ඔවුන් දෙදෙනාගේ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී පොලීසියට සොයා ගැනීමට හැකිවෙනවා වෛද්‍යවරයාගේ තොරතුරු අනුව, ඔහු මෙම බෝම්බයට අමතරව, නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබු බෝම්බයත්, බෙල්ලන්විල පන්සල් භූමියේ තැබූ බෝම්බයත් මේ දේවස්ථානයේ බෝම්බයත් සමග අවස්ථා තුනේ දීම සම්බන්ධයෙක් ඇති බවට. ඒ අනුව බෝම්බය තැන්පත් කිරීමේ ක්‍රියාව සඳහා යොදවා ඇත්තේ, ඇඹිලිපිටියේ පුද්ගලයා බවත් තහවුරු වීමෙන් අනතුරුව මේ පුද්ගලයින්ට මේ බෝම්බ කෙසේ ලැබුණා ද කියන පරීක්ෂණ සිදුකිරීමේ දී තවත් පුද්ගලයෙකු පිළිබඳ අනාවරණය වීමෙන් රන්න ප්‍රදේශයේ තවත් සැකකටයුතු පුද්ගලයෙක් මේ බෝම්බ ලබාදීම පිළිබඳව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මෙම පුද්ගලයාත් ඇඹිලිපිටියේ පුද්ගලයාත් වෛද්‍යවරයා සමඟ සමීපව සම්බන්ධ වූ පුද්ගලයින් වන අතර, ඔවුන්ගේ ඉතිහාසයේ පසුගිය කාලයේ තොරතුරු සොයාබැලීමේ දී පසුගිය කාලයේ අපරාධ සම්බන්ධයෙන් සිරභාරයේ සිටි පුද්ගලයෙක් බව පෙනී යනවා. දොස්තරවරයා හා ඇඹිලිපිටියේ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්තුමියට පාපොච්චාරණයක් ලබාදෙනවා.”

මෙම බෝම්බ පුපුරා ගියේ නම් ජීවිත හානි සිදුවනවා පමණක් නොව සාමකාමි ජන ජීවිතය කඩා වැටී ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකිව තිබු බවත් මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි ද ජගත් අල්විස් වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස