බොරැල්ල බෝම්බයේ මහ මොළකරු අල්ලයි..! නාරාහේන්පිට බෝම්බයත් එම වෛද්‍යවරයාගේ ම වැඩක්…!

January 19, 2022 at 5:59 am | by emanisa.lk

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයකු පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලියනගේ දයාසේන නැමැති 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව බව පොලීසිය කියයි.

පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ එම සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබූ අතර එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියා කර තිබූ බවත් විමර්ශනවල දී හෙළි වූ බව උසස් පොලිස් නිලධාරීන් සඳහන් කරයි.

එම සැකකරුට මුදල් මෙන්ම බෝම්බය ලබා දී ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බව ද මේ වන විට තොරතුරු හෙලි වෙමින් පවතින බවත් එයට හේතුව අද 18 රාත්‍රී වනතුරුත් නිශ්චිත ලෙස අනාවරණය නොවූ බවත් එම ආරංචි මාර්ග පවසයි.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට මීට මාස කීපයකට ඉහත දී බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවට ද තොරතුරු අනාවරණ වී ඇතා අතර එය තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *