පරංගි කී පළියට උතුම් බුදු දහම කෙළෙසන්නන ඉඩදෙන්න බෑ….! – කාදිනල්තුමා…

December 12, 2022 at 2:24 pm | by emanisa.lk

විදේශ රටවල ඉගෙනගත් විදේශ රටවල ජීවත්වන පරංගින් කී පලියට නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා ආදිය මෙරට සංස්කෘතියට එක් කිරීමට ඉඩ දිය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අවධාරණය කරති.

උතුම් බුදු දහමෙන් පෝෂණය වූ මෙම සංස්කෘතිය විනාස කිරීමට ඔවුන්ට ඉඩ දිය නොහැකි බව ද පවසන කාදිනල් හිමියන් එවන් මෝඩ දේ කිරීමට ඉඩ නොදෙන ලෙස තමන් මහා සංඝරත්නයෙන් හා ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කරන බව ද කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුවෙන් කී පලියට රටට නොගැලපෙන නීති ක්‍රියාත්මක කිරීම හිඟා කන වැඩක් බව ද රදගුරුතුමන් තව දුරටත් කියා සිටියහ.

එතුමන් මේ බව කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *