පඳුරු අස්සේ සැඟවී වාහන නැවැත්වීම තහනම්.. වාහන නතර කළ යුත්තේ විවෘත ස්ථානවල පමණයි…! රථවාහන පොලිසියට උපදෙස්..

August 16, 2026 at 3:50 pm | by emanisa.lk

වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් පඳුරු අස්සේ සැඟවී හෝ හුදෙකලා ස්ථානවල සිට එම කටයුතු සිදු නොකළ යුතු බව රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ඒ. සේනාධීර අවධාරණය කරයි.

රථවාහන වැරදි සම්බන්ධයෙන් නිලධාරීන් සිය රාජකාරිය විවෘතව සහ වෘත්තීය මට්ටමින් ඉටු කළ යුතු බවත් වාහනයක් නතර කළ යුත්තේ බස් නැවතුම්පොළක හෝ වෙනත් විවෘත බවද ඔහු සඳහන් කළේය.

මාර්ගයේදී සිය රාජකාරිය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කළ යුතු බවද ඔහු රථවාහන පොලිස් නිලධාරීන්ට පෙන්වා දෙයි.

රියදුරන්ගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කරන බවට සැකයක් මතු වන ආකාරයෙන් අත්තනෝමතික ලෙස රථවාහන නැවැත්වීම හෝ මෙහෙයුම් සිදු කිරීමෙන් පොලිස් නිලධාරීන් වැළකිය යුතු බවද නියෝජ්‍ය පොලිස්පති ප්‍රකාශ කරයි.

අවශ්‍ය අවස්ථාවලදී පොලිස් නිලධාරීන්ට වාහනයක් ලුහුබැඳ යාමට අවසර ඇති නමුත් එහිදී අනන්‍යතාව සහ ලුහුබැඳීමට හේතුව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතු බව ද ඩබ්ලිව්.පී.ඒ. සේනාධීර ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *