රට පුරා පිහිටුවා ඇති 10,000කට වැඩි ප්‍රාදේශීය දේවාල පරිපාලනය කිරීමේ ව්‍යවස්ථාමය අධිකාරි බලය ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් කර ඒවායේ බලතල හා දේපළ රජය සතු කර ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මේ බව වාර්තා වූයේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන උපදේශක කාරක සභාවේදී ය.
දැනට කුඩා දේවාල අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් බෞද්ධ විහාරස්ථානවලට අයත් වන අතර ඇතැම් ඒවා පාලනය වන්නේ ආවේණිකව සකසා ගත් ව්‍යවස්ථා හා එකඟතා අනුව ස්වාධීන භාරකාර මණ්ඩල මගිනි.
මෙම දෙවාල සියල්ල නඩත්තු වන්නේ බැතිමතුන්ගේ ආධාර හා උපකාරවලින් බැවින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ව්‍යවස්ථාවක් සකසා මෙලෙස බලය පැවැරීම මගින් දහස් ගණනින් වූ සියලු ම ප්‍රාදේශීය දේවාලවල අධිකාරිත්වය රජය යටතට පත්වනු ඇතැයි අනතුරු අඟවයි.