පක්ෂ විපක්ෂ 150ක් වාහන බලපත්‍ර ඉල්ලද්දි සජිත් එරෙහි වෙයි…!

April 29, 2024 at 3:18 pm | by emanisa.lk

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදී ඇත.

මෙම යෝජනාව පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර ඇති අතර ඊට සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉරාන් වික්‍රමරත්න ඊට විරුද්ධත්වය පළ කර ඇත.

රට ආර්ථික වශයෙන් අගාධයක සිටින මොහොතක මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් සාමාන්‍ය රජයේ සේවකයන්ට ලබාදෙන ආකාරයේ වාහන බලපත්‍රයක් ලබාදීම පමණක් සලකා බැලිය හැකි බවත් මෙහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *