හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කරවීම සඳහා ‘ගෝඨා හෝම් අරගලය’ ආරම්භ කරන ලද්දේ රාජපක්ෂ පවුල තුලින්ම බව ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කරයි.
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඒ සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලද බව ඔහු පෙන්වා මෙරට මීළඟ අරගලය පන්ති සටනක් ලෙස ආහාර අර්බුදය සමග ඇති වන බව ද හෙතෙම පවසයි.
පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම ඇමෙරිකානු තානාපතිගේ පදයට නටන බවට ද ඔහු චෝදනා කරයි.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ද මේ පිටුපස සිටින බවත් ඔහුට යුද අපරාධ චෝදනා නැත්තේ ඔහු ඇමරිකානු රූකඩයක් නිසා බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර කියා සිටියි.