පක්ෂ පාට විදිහට බෙදී කොවිඩ් වසංගතය පරාජය කළ නොහැකි බවත් මනුෂ්‍යත්වය පෙරදැරිව එකිනෙකාට උදව් කරගැනීමෙන් එය ජයගත හැකි බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.
රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ශ්වසන ආධාරක යන්ත්‍ර (ventilators) 2ක් සහ K95 මුව ආවරණ ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් කළුතර නාගොඩ මහ රෝහලට පරිත්‍යාග කිරීමට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“මහජන නියෝජිතයන් විදිහට අපේ යුතුකම හා වගකීම වෙන්නේ මේ මොහොතේ දී මහ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වීමයි. මම හිතනවා මේ වෙන්ටිලේටර් යන්ත්‍ර දෙක බොහෝ දෙනකුගේ ජීවිත ආරක්ෂාවට හේතු වේවි කියලා.
විවිධ පාර්ශවවල උදව් සහිතව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ පටන්ම අපි මහජන සුබසාධනය වෙනුවෙන් මැදිහත් වුණා. කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ විහාරස්ථාන, රාජ්‍ය සේවකයින් වගේම වසංගතය නිසා පීඩාවට පත්වූ මහ ජනතාව වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කළා.
ඒ වගේම අපේ අමාත්‍යංශය හරහා වසංගතය සමයේ දරුවන් සහ කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළා. ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න සැලසුම් සකස් කරලා තියනවා.
පක්ෂ පාට විදිහට බෙදිලා වෙන්වෙලා මේ වසංගතයට අපිට මුහුණ දෙන්න බෑ. මනුෂ්‍යත්වය පෙරදැරිව එකිනෙකාට උදව් කර ගැනීම තුළින් පමණයි අපිට රටක් විදියට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ.” යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.