නෞකා අනතුර නිසා ලංකාවේ මාළු පිට රටවලට එපා කියයි….!

June 13, 2021 at 8:12 am | by emanisa.lk

එක්සප්‍රස් පර්ල් නෞකාවේ ගින්නත් සමඟ ශ්‍රි ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගන්නා රටවල් එම මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතින බව ශ්‍රි ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති දිනාල් ප්‍රනාන්දු පවසයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ නැව්ගත කිරීමට සූදානම් කර තිබූ මත්ස්‍ය නිෂ්පාදන ඇනවුම් කිහිපයක් ම මේ වන විට මෙසේ අවලංගු කිරීමට කටයුතු කර ඇති අතර එම ආනයනකරුවන් මෙම නිෂ්පාදනවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් සහතික කරන ලෙස ඉල්ලා ඇති බවය.

මත්ස්‍ය නිෂ්පාදන අපයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා තව දුරටත් පෙන්වා දෙන්නේ රජය හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ පවත්වා එහි පිළිගත හැකි සාක්ෂි සාධක සමඟ මෙරට මත්ස්‍ය නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත බවට මෙම රටවලට ආරක්ෂණ සහතික ඉදිරිපත් කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස