නොරෙච්චෝලේ බිඳ වැටීම කුමන්ත්‍රණයක්…? ප්ලාන්ට් එකට ලුනු කිලෝ සිය ගණනක් දාලා…!

September 27, 2022 at 8:25 pm | by emanisa.lk

සමාජ මාධ්‍යවල හුවමාරු වන ලිපියක් පහත දැක්වෙයි.

ඔක්තෝම්බර් 28 වෙනකම් ගල් අගුරු තියෙනවා. දැන් නඩු මැද ඔක්තෝම්බර් 14 ගල් අගුරු නැව ලංකාවට එනවා. ගල් අගුරු ගේන එක නවත්තන්න නඩු දාලා සෝභිතට බැරි වුනා. දැන් නොරොච්චෝලේ 3 ප්ලාන්ට් එක කඩලා.

ඇතුලට ලුණු වැටිලලු. කොහොමද එහෙම ප්ලාන්ට් එකක් ඇතුලට ඉබේ ලුනු කිලො සීයක් දෙසීයක් වැටෙන්නේ ? මේ නොරොච්චෝලේ ප්ලාන්ට් වලට ලුණු දාලා කඩලා මේ ගොල්ලො උත්සාහ කරන්නේ වෙන දෙයක් නෙවෙයි.

නොරොච්චෝලේ නැවතුනාම ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් දුවවනවා. එතකොට වතුර ඉක්මනට ඉවර වෙනවා.

මුන්ට ඕන ඉක්මනට වතුර ටික ඉවර කරන්න. වතුර ඉවර වුනාම ආයේ වහිනකම් කොහොමත් පවර් කට් එක පැය දහයක්වත් අදින්න වෙනවා ගල් අගුරු, කෘඩ් තිබුනත්. නොවෙම්බර් අන්තිම වෙනකම් ආයේ වහින්නේ නැහැ.

මිනිස්සු ගෙවල්වලට වෙලා මැච් බලාගෙන කාලා බීලා ඉන්න එක මුන්ට හිසරදයක්. මිනිස්සුන්ගේ සහය නැතුව මුන් කරන කිසිම අරගලයක ඉෆෙක්ට් එකක් නෑ. කරන්ට් නැති වුනොත් මිනිස්සු පාරට බහින එක 100% ශුවර්..

මේක තමයි උන්ගේ ප්ලෑන් එක. අනිත් අතට මේවා කරන, කඩන ඉංජිනියර්ස්ලා අයින් කරන්න, මාරු කරන්න ඇමතිටවත්, සෙකට්‍රිටවත් බලය නෑ. බලය තියෙන්නේ බෝර්ඩ් එකේ නම් DGM ට .. DGM රාජ්‍ය සේවයේ තනතුරක්.

DGM ගේ අත්සන නැතුව මේ යුනීයන්කාරයො ප්ලාන්ට් වලින්, නැෂනල් ග්‍රිඩ් එකෙන් මාරු කරන්න බැහැ. හැම දේටම ඇමතිට බැන්නට ලංකාවේ ගොබ්බ රාජ්‍ය සේවා චක්‍රලේඛ, නීති එක්ක ඇමතිලාගෙත් ඔතෝරිටි එක අඩුයි.

දැන් මොකක්ද මේකට කරන්නේ ? ඒක තියෙන්නේ මිනිස්සුන්ගේ අතේ..

– විදුලි ඉංජිනේරු සුදත්ත සිල්වා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස