නොරෙච්චෝලේ දේශීය ඉංජිනේරුවන්ට දොර වහලා..! චීනුන්ට ඩො. මි. 70ක් ගෙවලා…!

November 30, 2022 at 9:57 am | by emanisa.lk

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා ඉකුත් වසර එකොළහක් ඇතුළතදී චීන ඉංජිනේරුවන් සඳහා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑවකට ආසන්න මුදලක් ගෙවා ඇතැයි ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත පවසයි.

මෙම බලාගාරයේ ප්‍රධාන පෙළේ නඩත්තු සඳහා චීන ඉංජිනේරු සහාය ගැනීමේ බරපතළ වරදක් නොමැති වුවත් මෙරට ඉංජිනේරුවන්ට කළ හැකි මට්ටමේ නඩත්තු කටයුතු සඳහා ද චීන ඉංජිනේරු සහාය ලබාගෙන ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

මාස හයක කාලයකට චීන ඉංජිනේරු සහාය ලබා ගැනීමට අනුමැතිය ලබා ගෙන එය දිගට ම සිදුකර ගෙන ගොස් ඇතැයි ද ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව එක් මාස හයකට ඇමරිකානු ඩොලර් මිලියන 3 බැගින් වසර එකොළහක කාලයේ දී දළ වශයෙන් ඩොලර් මිලියන 70කට වඩා නිරපරාදේ වැයකර ඇති බවත් රට තුළ බරපතළ ඩොලර් අර්බුදයක් තිබිය දී මෙරට ඉංජිනේරුවන්ට කළ හැකි මට්ටමේ නඩත්තු කටයුතු වෙනුවෙන් ඩොලර්වලින් ගෙවීම් කිරීම කනගාටුවට කරුණක් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *