ඉන්දියාව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් ලංකාවට ගෙන ඒමට පෙර ඒවා පරීක්‍ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ හැටපස්දෙනෙකු ඉන්දියාවට යාමට සූදානම් වන බව දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ පවසති.
දුම්රිය විද්‍යුත්කරණය හේතුවෙන් ඉන්දියාව දැනට භාවිත කරන ඩීසල් එන්ජින් විස්සක් ලංකාවට පරිත්‍යාග කිරීමට සූදානම් වෙයි. ඉන් පළමු එන්ජින් දෙක පරීක්ෂා කිරීමට මෙම හැටපස්දෙනා යාමට සූදානම් වෙති.
දුම්රිය එන්ජින් විස්සක් නොව සීයක් වුවද පරීක්ෂා කිරීමට වුවත් ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණ ඉංජිනේරුවන් හතර දෙනකු පමණක් යාම ප්‍රමාණවත් බව ද ඔවුහු පෙන්වා දෙති.
ඉන්දියාව භාවිතයෙන් ඉවත් කරන දුම්රිය එන්ජින් ලංකාවට නොමිලේ දෙන්නේ අමතර කොටස් අලෙවි අරමුණු කරගෙන බව ද පවසන ඔවුන් ඉන්දීය එන්ජින් නිතර පීලි පනින බවට ද චෝදනා කරති.